සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සැමන් සඳහා පාලන මිලක් පැනවීම ගැටලුවක් නොවුවද ඔවුන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවයි එම සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු සඳහන් කළේ.

වැට් බද්ද අඩු නොවුණහොත් එහි බලපෑම ධීවරයින්ට අත්විඳීම​ට සිදුවන බවයි ශිරාන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here