මෙවර ශ්‍රී පාද වන්දනා සමය මේ මාසයේ 14 වන උඳුවප් පුන් පෝය දින සිට ආරම්භ වී ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත් වීමට නියමිතයි.
වන්දනා සමයේදී නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සැපයීමේදී ඇතිවන ගැටළු සඳහා විධිමත් අයුරින් විසඳුම් ලබාදීමේ අරමුණින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වුණා.
ශ්‍රී පාද රක්ෂිතයට දැඩි පාරිසරික හානියක් සිදු කරන ප්ලාස්ටික් ජල බෝතල් වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද කඳු මුදුනට ගෙන යාම මෙවර වන්දනා සමයේදී නැවැත්වීමට තීරණය කළ බව සදහන් වනවා.
එහෙත් වන්දනා කරුවන්ට ප්‍රමාණවත් පානීය ජලය පරිහරණය සඳහා ඇති පහසුකම් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරුණා.
නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ පරිහරණය සඳහා ධර්ම සුගන්ධය පදනම මගින් ඉදි කරන ලද පානීය ජල ව්‍යාපෘතිය මෙම මස 18 වනදා විවෘත කිරීමට නියමිතයි.
මේ වන විට නල්ල තන්නිය – ශ්‍රීපාද මාර්ගයේ තාවකාලික වෙළඳ සැල් හිමියන් ශ්‍රී පාද කඳු මුදුනට අලෙවිය සඳහා යම් ප්‍රමාණයක ප්ලාස්ටික් ජල බෝතල් ගෙනගොස් ඇති බව වෙළඳ සංගමයේ නියෝජිතයින් විසින් මෙහිදී ප්‍රකාශ කළා.
වෙළඳසැල් වලින් එම ජල බෝතල් අලෙවි කිරීමේදී ප්ලාස්ටික් ජල බෝතලයයේ ඇති ජලය වන්දනාකරුවන් විසින් තම නිවෙස්වල සිට රැගෙන එන නැවත පරිසරයට බැහැර නොකරන ජල බෝතල්වලට එම ජලය පුරවා දීමට කටයුතු කරන ලෙස වෙළඳ සැල් හිමියන්ට දැනුම්දීමට මෙහිදී තීරණය කෙරුණා.
Amazing Post Broo!! Amazing Amazing!! Wait Your New Post Bro!!