සිරියා කැරළිකරුවන් ඩැමස්කස් අගනුවරට ඇතුළු වී එහි බලය අත්පත් කර ගැනීමත් සමග සිරියා ජනාධිපති බසාර් අල් අසාද් පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැරලිකරුවන් මේ වන විට ඩැමැස්කස් අගනුවර බලය තහවුරු කර ගෙන සිටී.

ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ වසර 24ක පාලනය අවසන් වූ බව සිරියානු හමුදා නිලධාරීන්ට දැනුම් දී ඇති අතර සිරියානු කැරලිකරුවන් පැවසුවේ දමස්කස් ‘දැන් අසාද්ගෙන් නිදහස්’ යනුවෙනි.

සිරියානු ජනාධිපතිවරයා ඩැමස්කස් සිට මෙතෙක් හෙලි නොවූ ගමනාන්තයක් වෙත පියාසර කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

දහස් ගණනක් දමස්කස්හි ප්‍රධාන චතුරශ්‍රයක රැස්ව හඬ නඟමින් ප‍්‍රිති ඝෝෂා කරති.

දහස් ගණනක් සිරකරුවන් රඳවා සිටි ඩැමස්කස් නගරයට ආසන්නයේ පිහිටි විශාල බන්ධනාගාරයක සියළු සිරකරුවන්ද නිදහස් කර ඇත.

අග්‍රාමාත්‍ය මොහොමඩ් ගාසි අල්-ජලාලි පැවසුවේ රාජ්‍යයේ අඛණ්ඩ පැවැත්මට සහාය දීමට තමා සූදානම් බවත් සිරියානු ජනතාව විසින් තෝරා ගන්නා ඕනෑම නායකත්වයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here