නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා නම් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ පිළිබඳ ලිඛිත දැනුම් දීම අද (2) රාත්‍රියේ කථානායක ආචාර්ය අශෝක රන්වල මහතාට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ අද පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉහත තීරණයට එළඹි තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here