අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීම හේතුවෙන් කථානායක අශෝක රංවල සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය කාරණයක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

එසේම, පාරදෘශ්‍යභාවය පවත්වාගෙන යාමේ මාලිමාවේ ප්‍රතිපත්තිවල‍ට අනුකූලව, තම සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද වහාම ඉල්ලා අස්විය යුතු බවයි ඔහු සිය ට්විටර් (X) ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ,

මාලිමාවේ ඇතැම් මන්ත්‍රීවරුන් තම සුදුසුකම් පිළිබඳව ජනතාව නොමග යැවීම කනගාටුදායක බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහි සඳහන් කරන්නේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here