ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්දියානු රජය මඟින් ලබාදෙන ඩීසල් දුම්රිය එන්ජින් 22ක් ලබාගැනීම වෙනුවෙන් වන ගිවිසුමට අත්සන් තබා ඒවා පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩිදියුණු කළ එන්ජින් 20ක් සහ එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 02ක් ප්‍රදානයක් ලෙස මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.
එම දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 05ක කාලයකට ලබාදීම සඳහා වන නොකැඳවූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේරු උපදේශක සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RITES සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා.