හදිසි අනතුරු නිසා වසරකට මිය යන ගණන 12,000ක් ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කළේ, සෑම වසරකම අනතුරු හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් තුවාල ලබන බවයි.
ඔහු මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.