කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුන් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් හන්තාන කන්ද නැරඹීමට ගොස් අතරමං වී සිටියදී එම පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත්ව තිබෙනවා.

එලෙස අතරමංව ඇත්තේ, වයස අවුරුදු 16ත් 17ත් අතර පසුවන පිරිසක්. 

ඔවුන් හන්තාන කන්ද නැරඹීමට ගොස් එය තරණය කර පසුව එහි අනාරක්ෂිත ප්‍රදේශයක් නැරඹීමට ගොස් තිබෙනවා.

එහිදී එක් අයෙකුගේ කකුලේ ඇති වු මස්පිඬු පෙරළීමක් හේතුවෙන් හා පැවති මීදුම හේතුවෙන් මාර්ගය සොයා ගැනීමට අපහසු වී නැවත පැමිණීමට නොහැකිව අතරමංවී ඇතැයි යුද හමුදාව පැවසුවා.

මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ භට පිරිස් වෙත සැලවීමෙන් පසු එම පිරිස ආරක‍්ෂිතව මුදවා ගැනීමට 111 බලසේනා මුලස්ථානය හා 2 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙහෙයුමක් ආරම්භ කෙරුණා.

ඒ අනුව, රාත්‍රී 8ට පමණ මෙම සිසුන් මුඳවා ගැනීම ආරම්භ කර ඇති අතර, අලුයම් කාලය වන විට එම සිසු පිරිස ආරක්‍ෂිතව පහළට රැගෙන ඒමට යුද හමුදා භට පිරිස් කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here