රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හැටන් පෞද්ගලික බස් රථ අනතුරේ රියදුරා (26) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ සැකකාර රියදුරා යලිත් 2025.01.07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කළේය.
අනතුර සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයා සහ හැටන් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ෂණ සම්බන්ධයෙන් (26) දින අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ යලිත් සැකකරුවන් ලබන මස (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
හැටන් පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරු යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය නව තිස්පනේ පදිංචි රම්බොඩගෙදර ප්‍රසන්න බණ්ඩාර 46 හැවිරිදි තිදරු පියයි.
ඉකුත් (21) දින හැටන් සිට මහනුවර දක්වා සැකකරු විසින් ධාවනය කල පෞද්ගලික බස් රථය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් තිදෙනෙකු මියගොස් තවත් පනස් දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබුහ.
රෝහල් ගත කල තුවාලකරුවන්ගෙන් 15 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහලේ සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබුණි.
(හැටන් රංජිත් රාජපක්ෂ )