හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ (21) දින සිදු වු පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ පොලිස් ආරක්ෂා මැද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බස් රථයේ රියදුරු මේ මස (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා (22) දින නියෝග කලහ.

රෝහල වෙත පැමිණි වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිලිබදව කරුණු විමසා රෝහල තුලම රක්ෂිත බන්ධනාගාර ගත කල අතර, සැකකරු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මැද්දේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය නව තිස්පනේ පදිංචි  රම්බොඩගෙදර ප්‍රසන්න බණ්ඩාර 46 හැවිරිදි තිදරු පියෙකි.

බස් රථ අනතුරෙන් මියගිය හැටන් වතුයායේ පදිංචිව සිටි දේවරාජ් දිනේෂ්කුමාර් (14) හැවිරිදි දරුවාගේ සිරුර ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, මියගිය දරුවාගේ මව සෞදි රාජ්‍යයේ ගෘහ සේවයේ රැකියාවක නිරතව සිටින බවත්, මව දිවයිනට පැමිණිමෙන් අනතුරුව දේහයේ අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here