හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් (21) දින හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ පහලින් පිහිටි තේ වත්තට පෙරලි සිදු වු අනතුරෙන් ජිවිතක්ෂයට පත් තිදෙනාගේ අනන්‍යතාවය තහවුරු කරගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මහනුවර යටිනුවර විදියේ පදිංචිව සිටි අබ්දුල් උවයිස් (68), හැටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දේවරාජ් දිනේෂ් කුමාර් (14) සහ නොර්වුඩ් ඉහල කොටසේ පදිංචිව සිටි මුත්තුරාකු (67) යන අයයි.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 53 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බවත්, ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් හත්දෙනෙක් මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බවත්, තවත් තුවාලකරුවන් 43 දෙනෙකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසිය.

අනතුරෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, බස් රථයේ රියදුරාව හැටන් පොලිසියේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

එම බස් රථයේ රියදුරා අතින් මීට මාස කිහිපයකට ප්‍රථම ගිනිගත්හේන ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, නාවලපිටිය ප්‍රදේශයේදිද විශාල රිය අනතුරක් සිදු වි ඇති බව ගිනිගත්හේන සහ නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් පැවසිය.

ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් බස් රථය රියදුරු විසින් ධාවනය කල බවට මගින් විසින් හැටන් පොලිසියට ප්‍රකාශයක් ලබා දි ඇති අතර, අධික වේගයෙන් ධාවනය වු බස් රථයේ රියදුරුගේ දොර එකවරම විවෘත විම නිසා දොර වැසිමට රියදුරු උත්සහ කිරිමේදි බස් රථ රථය රියදුරු පාලනයෙන් මිදි බස් රථය තේ වත්ත පෙරලුණු බවට සාක්ෂි ලැබි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

අනතුරට පත් බස් රථය අනුමත ආසන සංඛ්‍යාවට වඩා තවත් ආසන කිහිපයක් සවි කර තිබු බවට හැටන් පොලිසිය සැකකරන අතර, අනතුරට පත් බස් රථය තුල තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බැලිමේදි බස් රථය අනතුර පත් වි විනාඩි කිහිපයක් තුල එම කැමරාවේ දර්ශන ජංගම දුරකථනය ඔස්සේ අධික්ෂණය කරන අයෙකු විසින් මකා දමා ඇති බවට හැටන් පොලිසිය විසින් සිදු කල මුලික විමර්ෂණ වලදි අනාවරණය වි ඇත.

එම දත්ත අපරාධ විමර්ෂණ දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරිමට පොලිසිය විසින් පියවර ගෙන ඇති අතර, අනතුරට පත් බස් රථය (22) දින රාත්‍රියේ හැටන් පොලිසිය විසින් ගොඩගනු ලැබුහ.

අනතුරෙන් ජිවිතක්ෂයට පත් අවු 14 හැවිරිදි දරුවා වකුගඩු රෝගියෙකු වන අතර, ඔහු සායන කටයුතු සදහා සහභාගි විම සදහා සිය සොහොයුරිය සමග මහනුවර දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහුණපා ඇත.

ජිවිතක්ෂයට පත් එම දරුවාගේ සොහොයුරියද අනතුරෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් එක්ව රිය අනතුරු අවම කිරිම සදහා පසුගිය දා හැටන් ප්‍රදේශයේදි පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට වැඩමුළුවක්ද පැවැත්වුහ.

හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ අධික්ෂණය යටතේ හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් රථ වාහන අංශයේ නිලධාරින් අනතුර සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරනු ලබයි.

මියගිය අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු ඥාතින් වෙත භාරදෙන බව හැටන් පොලිසිය පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here