හැටන් මල්ලියප්පුවේ සිදුවූ අනතුරට අදාළ බස් රථයේ සවිකර තිබූ CCTV දර්ශන මකා ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දත්ත ගබඩා පද්ධතිය මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කරන බවයි පොලීසිය සඳහන් කළේ.

බස් රථයේ රියදුරු ජංගම දුරකතනය භාවිත කරමින්, බස් රථය ධාවනය කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇත.

පොලීසිය පවසන්නේ, කොන්දොස්තරවරයාගේ ජංගම දුරකතනය රියදුරු භාවිත කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here