පොලිසියේ නිලධාරීන් හැර, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට සිටින ත්‍රිවිධ හමුදාවේ සියළුම සාමාජිකයන් ලබන සතියේ සිට ඉවත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළා.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ, හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතවූ මාස 11ට රුපියල් මිලියන 1,448ක් වියදම් කර ඇති බවයි.