රුපියල් කෝටි 14ක් වටිනා මැණික් සහ වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒකපාර්ශිකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාට ඇප මත නිදහස් කර ඇත.

මීට අදාළ නඩුව අද (30) දින රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයයේදී විභාගයට ගැනීමෙන් අනතුරුව රත්නපුර මහෙස්ත්‍රාත් සමන් ඩි. කේ. බරණලියනගේ මහතා විසින් මෙම ඇප නියම කර ඇති අතර, රුපියල් පනස්දහසක ඇප මුදලක් සහ ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරු දින උදේ 9-12ත් අතර කොළඹ සමූහ මංකොල්ල අපරාධ අංශයට වාර්තා කළ යුතු බවත් නියම කර ඇත.

තවද විමර්ශන කටයුතුවලට සහ සාක්ෂිකරුවන්ට බාදා කිරීම තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව යළි ජනවාරි 31 විභාගයට ගැනීමටත් නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here