එළැඹෙන 09, 10, 11, 12 දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

නිරිතදිග බෙංගාල බොක්කේ, දකුණු අන්දමන් දූපත් අසල නැවත වරක් කැළඹෙන ස්වභාවයක් උද්ගත වී ඇති බවත්, දැනට එහි යම් වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙහි වක්‍ර බලපෑමක් බොහෝවිට 9, 10, 11, 12 වැනි දිනයන් වලදී ඇතිවීමට හැකියාවක් ඇති බවත්, එම වක්‍ර බලපෑම හේතුකොට ගෙන උතුර, නැගෙනහිර, උතුරුමැද, සහ ඌව වැනි පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් 09 වනදා රාත්‍රී කාලයෙන් පසු ඇතිවීමේ ලකුණු දැනට පහළ වී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

මෙය ඉදිරියේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙනවාදැයි තහවුරු කර, ඉදිරියේදී පැහැදිලිව ජනතාවට දැන ගැනීමට සලස්වන බවද, ඉදිරියේදී දැනුම්දෙන කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here