ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය ලබාදීම පසුගියදා සිදු කෙරුණා.
තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ප්‍රීමා සන්රයිස් සන්නාමයයි.
ශ්‍රී ලාංකීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් රටටම හඳුන්වා දෙන මෙවර තරගාවලියට විදේශ තරගකරුවන් පිරිසක් ද සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2024 දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට සහභාගී වන දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 09 වැනි දින පැවැත්වීමට කටයුතු කොට ඇත.
මෙම තරගාලියට පුරාවට ක්‍රීඩකයන් වෙත ආහාර සැපයීම ‘ ප්‍රීමා සන්රයිස් ‘ සන්නාමයේ දායකත්වයෙන් සිදු කෙරේ.
ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ඇන්ඩි විරමන් මහතා ප්‍රීමා සන්රයිස් අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසුවා,
” ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා නිර්ණායකය වන ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය වෙනුවෙන් දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ගෝල්ෆ් සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ප්‍රීමා සමූහයට ලැබීම මහත් ගෞරවයක්. තරුණ හා නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට, ඔවුන් සවිබල ගැන්වීමට සහ ක්‍රීඩාවේ උසස් ප්‍රමිතිගත තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාරී වන ගමනක කොටස්කරුවන් වීමට සෑම වසරකම අපගේ අනුග්‍රාහකත්වය හේතුවන බව අප තදින් විශ්වාස කරනවා.” යැයි පැවසීය.
ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් සාමාන්‍යාධිකාරි සජිත් ගුණරත්න මහතා,
ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව නගා සිටුවීමට දීර්ඝ කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් හා මහත් ඕනෑකමකින් සහයෝගය ලබාදුන් අපට මෙවරත් කාලයක් තිස්සේ ඉතා තරගාවලියට දායක වන්නට අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයට පළමුව ස්තුති ව කනිෂ්ඨවො ජාතික මට්ටමේ කනිෂ්ඨ ගොල්ස් ශූරයන් ජාත්‍යන්තර මට්ටමට එසවීමට කොටස්කරුවන් බවට පත්වන්නට හැකිවීම අප ලැබූ මහත් ගෞරවයක්.යැයි ඔහු පැවසීය.