2025 වසරේ පාසල් පවත්වන දින ගණන දින 181ක් දක්වා අඩුවී තිබෙනවා.
ඒ අනුව රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් පැවතීම සහ පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම යන හේතු රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින ගණන අඩුවීමට හේතු වී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව 2024 අධ්‍යයන වර්ෂය සඳහා වන තුන්වන වාරය සම්පුර්ණ කිරීම සඳහා ජනවාරි 02 වනදා සිට 24 වනදා දක්වා පළමු සති 03 පාසල් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලබන වර්ෂය සඳහා රජයේ නිවාඩු දින 26 ක් ඇති අතර, ඉන් සති අන්තයේ යෙදී ඇත්තේ දින 04 ක් පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.