2025 ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා තිබේ.
කණ්ඩායම් 8ක් එක්වන තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන්නේ, ඒ සහ බී ලෙස කාණ්ඩ 2කිනි.
තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 19 වැනි දා පකිස්ථානයේ කරච්චිහිදී ආරම්භ වේ.
මාර්තු පළමු වැනි දා අවසන් පූර්ව වටයේ තරග ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 9 වැනි දා ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත්, මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන තරග සියල්ලම ඩුබායිහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද ඩුබායිහිදී පැවැත්වෙනු ඇති.
2024 වසරේ සිට 2027 වසර දක්වා ඉන්දියාව සහ පකිස්ථානය අතර කිසිදු ICC තරගයක් අදාළ රටවල් දෙකේදී නොපවත්වන බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා නිවේදනය කළේ ය.
I am very happy to read this. This is the kind of manual that needs to be given and not the accidental misinformation that’s at the other blogs. Appreciate your sharing this best doc.