“Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

ජනාධිපති ලේකම් එන් එස් කුමානායක, යුධ හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා,ගුවන් හමුදාපතිවරයා,වැඩබලන පොලිස්පතිවරයා කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර වනවා.

මීට අමතරව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද මෙම කාර්ය සාධක බලකායට ඇතුළත්.

සාමාජිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය සාධක බලකායට ආචාර්ය අනුරුද්ධ ගමගේ,ආචාර්ය ගාමිණි බටුවිටගේ මහතාද නම් කර තිබෙනවා.

සමාජයීය පාරසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම අරමුණු කර ගැනීමට සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම,මෙහෙයවීම,ක්‍රියාත්මක කිරීම,ප්‍රගති සාමාලෝචනය සහ නියමිත කාල රාමුවක අවසන් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here