Lanka T10 ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි Galle Marvels කණ්ඩායමේ හිමිකරු ඇපමත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව මෙම පැමිණිල්ල අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර, සැකකරු විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here