ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ලෙස ජේ ෂා අද (01දා) සිට වැඩ ආරම්භ කර තිබෙනවා.
ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ඊයේ (30දා) දක්වා කටයුතු කළා.
ICC සභාපති ලෙස ධුර කාලය ආරම්භ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ලොස් ඇන්ජලීස් 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම ප්‍රධාන අරමුණක් මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය තවදුරටත් වේගවත් කිරීම ඇතුළු කරුණු ඔහුගේ ධුර කාලය තුල සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි.