කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද (24) පැමිණියේය .

අමාත්‍යවරයා පැවසුවේ විදෙස් රටවල් කිහිපයක තමන්ගේ නමින් වංචා සහගතව ආධාර එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවයි.

වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මෙම ආධාර එකතු කිරීමේ ජාවාරම සිදුකරන යන බවත්, ජපානය, දකුණු කොරියාව, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයින් රවටා මෙම කටයුත්ත සිදුකරගෙන යන බවත් ඔහු පැවසුවේය.

මෙම ජාවාරම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here