හබරණ, මින්නේරිය මාර්ගයේ 39 කනුව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී කැබ් රථයක් ගිනි ගෙන ඇති අතර, ගිනිගත් රථයේ තිබී පුද්ගල මළසිරුරක් ද සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ එම කැබ් රථයේ හිමිකරු බවට සැකකෙරෙන අතර මළ සිරුර කැබ් රථයේ පිටුපස අසුනේ තිබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙය ඝාතනයක් ද, නැතහොත් සියදිවි හානි කරගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, එම පුද්ගලයාගේ යැයි කියන කාඩ්පත් කිහිපයක්ද රථය අසළින් සොයාගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here