දකුණු කොරියා ජනාධිපති යුන් සුක් යෝල් එරට තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි යුද නීතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔහු මේ බව දන්වා සිටියේ එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාව හරහා විශේෂ ප්‍රකාශයක් කරමින්.

ඔහු චෝදනා කළේ උතුරු කොරියා කොමියුනිස්ට් බළකාය සහ ඇතැම් විපක්ෂ ක්‍රියා කාරීන්ගෙන් රට ආරක්ෂා කරගැනීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

ඔහු මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවූයේ ඔහුගේ ජනතා බලවේග පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය ඔහු ඉදිරිපත් කළ අයවැයට එරෙහිවීමත්සමගයි.

යුද නීතිය ක්‍රියාත්මක වීමත් සමග එරට පාලනයට හමුදා මැදිහත්වීම ඉරුජ්යුව ලබාගන්නා අතර සිවිල් පාලනය තාවකාලිකව නතරවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here