බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ 2Forty2 සංගීත කණ්ඩායම සහභාගි වූ ප්‍රසංගයක් කොළඹ සී.එච් ඇන්ඩ් එෆ්. සී හෙවත් සීසීසී ක්‍රීඩාසමාජ සමාජ ශාලාවේ දී පැවැත්වුණා.
එහිදී ප්‍රසංගය පැවැත්වෙන අතරතුර හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
බීමතින් සිටි හිටපු අමාත්‍යවරයා එම ස්ථානයේ දී ද මත්පැන් පානය කර ඇති අතර පසුව බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ 2Forty2 සංගීත කණ්ඩායමට දන්වා ඇත්තේ තමන්ටද ගීතයක් ගායනා කිරීමට අවස්ථාව දෙන ලෙසයි.
ඔහුට අවස්ථාව ලබා දුන් හොත් සාදයේ සිටි සියලුම දෙනා සිංදු කීමට පැමිණ සාදය මහා අවුලක් බවට පත් වන නිසා නවක ගායකයින්ට සංගීතය සැපයීම සංගීත කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇත.
මෙය ඇසූ හිටපු අමාත්‍යවරයා කෝපයට පත්ව තාක්ෂණ ශිල්පියාට කනට පහරක් ගසා ඇති බවයි සාදයේ සිටි සංවිධායකින් නිව්ස් සෙන්ටර් වෙත ප්‍රකාශ කළේ.
පසුව ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට සංවිධායකින් හා සාදයට පැමිණි පිරිස උත්සාහ කළ අතර, හිටපු අමාත්‍ය හරීන් ඉතා ලැජ්ජාශීලි ලෙස පරුෂ වචන කියමින් බිලී ප්‍රනාන්දු ට අපහාස කරන අයුරු දක්නට ලැබුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් පොලිසියට පැමිණිලි කර නොමැති බවයි වාර්තා වන්නේ.