කෝලාහන ප්‍රදේශයේ කාන්තාවක් අද (26)උදෑසන කළු ගඟේ වලන් සෝදමින් සිටියදී කිඹුලෙකු ඩැහැගෙන ගොස් මරණයට පත්ව ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර කොහොලාන ප්‍රදේශයේ පදිංචි නිලන්ති මංගලිකා නැමති අවුරුදු 52 ක විවාහක කාන්තාවකි.

අද (26) උදෑසන වලන් සේදීම සඳහා නිවසට මායිම්ව ඇති කළු ගඟේ තොටුපලට ගොස් ඇති අතර වලන් සෝදමින් සිටියදී එකවරම කිඹුල්ලා දිය යටින් මතුවී කාන්තාව ඩැහැගෙන දියඹට ඇදිගොස් ඇත.

එම අවස්ථාවේදී කාන්තාව කෑ ගසා ඇති අතර ස්වාමියා ඇතුළු කිහිප දෙනෙකු ක්ෂණිකව ක්‍රියාත්මක වී බෝට්ටුවකින් කිඹුලා දෙසට ගමන් කර ඇති අතර කිඹුලා කිහිපවරක් දිය යට ගොස් ඇත.

පසුව කළුතර නාවික හමුදා නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන් සමඟ සෙවීමේදී නැවත කිඹුලා මතු ඇත කිඹුලා විසින් පසුව කාන්තාව කටින් මුදා හැර ඇති අතර ඒ වන විටත් කාන්තාව මියගොස් සිට ඇති බව සෙවීමට සහභාගි වූ පිරිස පවසයි.

මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහල වෙත රැගෙන ගිය අතර මේ පිළිබඳ කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි .

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here