හපුතලේ උඩ විහාරගලදී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන ගල් කන්දක අද (31) හැපීමෙන් එහි ගමන් ගත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 14දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව හපුතලේ පොලීසිය කියයි.
හපුතලේ බෙරගල අතර බෑවුම් මාර්ගය ඔස්සේ වෑන් රථය ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබේ.
හොරණ ප්‍රදේශයේ සිට අනුරාධපුරය ප්‍රදේශයේ සංචාරයක ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තුවාලකරුවන් හපුතලේ රෝහලට සහ දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.