ඉන්දියාවේ කේරළයේ කලූර් ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී කොන්ග්‍රස් මන්ත්‍රීනී උමා තෝමස් වේදිකාවකින් ඇදවැටීම නිසා රෝහල්ගත කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වේදිකාව මත සිටි මන්ත්‍රීවරිය  සංවිධායකයින් සහ උත්සවයට පැමිණි අය සමඟ කතා කරමින් පුටුවෙන් නැගිට පසෙකට යන අතරතුර වේදිකාවෙන් ලිස්සා වැටුණාය. ඇය ඇද වැටුනේ බිම කොන්ක්‍රීට් තට්ටුවක් මතටය.

මේ හේතුවෙන් මන්ත්‍රීනී උමා දරුණු ලෙස තුවාල ලැබුවාය.

මෙහිදී දැඩි ලෙස ලේ ගලමින් සිටියදී හදිසි ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන ගිය බව වාර්තා විය.

වේදිකාව අඩි 15ක් පමණ උසින් තිබූ බැවින් මන්ත්‍රීවරියගේ හිසට තුවාල සිදු විය.

එසේම,පෙනහළු ගර්භාෂය සහ සුෂුම්නාවටද හානි සිදුවී ඇති බව වෛද්‍යවරු පැවසූහ. දැනට ඇයට වෙන්ටිලේටර් යන්ත්‍රයක් සවිකර ප්‍රතිකාර කරන බව පවසයි.

 අනතුරට අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතී. වේදිකාව පිහිටුවීමේදී සංවිධායකයින්ගේ නොසැලකිලිමත්කම සහ වැරැද්ද නිසා මෙම අනතුර සිදුවූ බව පොලීසිය තහවුරු කර ඇත. මෙම උත්සවයේ සංවිධායකයින්ට එරෙහිව නඩු පවරා ඇති බවද වාර්තා පළවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here