අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් මෙම කටයුත්ත සිදු කිරීමට අදහස් කර සිටින බව ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කම්හල් නිරීක්ෂණයට එක් වෙමින්, ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම කම්හල් දෙකේ මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් eco tourism ප්‍රවර්ධනය කිරීමටත්, දැනට ලංකාව තුල ඇති නීතිවිරෝධී මත්පැන් භාවිතයට විසදුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනයට හා අපනයන වෙළඳපොළ ඉලක්ක කොට කාබනික සීනි නිෂ්පාදනයට මෙහිදී අවධානයට ලක් කිරීමද විශේෂත්වයක්.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here