අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, පුජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි, රශ්මික චමෝද් රණසිංහ, උදාර රණසිංහ සහ තරුෂාන් පියුමන්ත හේරත් යන අයට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලිමෙන් පසුව අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) ප්‍රතිපාදන අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට අද පස්වරු 1.00 ත් සවස 6.00 ත් කාලය තුළ කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු පාර ද අවහිර නොකරන ලෙසත්, මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය යන ස්ථානවලට ඇතුළුවිම වළකින ලෙසත් දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here