සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 07 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 05 ක් දැවී ලකුණු 218 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී කුසල් ජනිත් පෙරේරා සිය පළමු විස්සයි විස්ස ශතකය වාර්තා කරමින් ලකුණු 101 ක් ලබාගත් අතර, නායක චරිත් අසලංක ලකුණු 46 ක් ලබා ගත්තා.
ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 211 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක කඩුලු 3 ක් හා වනිඳු හසරංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.