සිසුන් 300ට අඩු සියලුම පාසල්වල, අස්වැසුම ප්‍රතිලාභය හිමි නොවන සිසුන්ට පාසල් උපකරණ ලබාගැනීම සඳහා වන රුපියල් 6,000සක දීමනාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

එමෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන් සඳහා ද එම දීමනාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශන අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) ප්‍රකාශ කළේ,අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

අදාළ දීමනාව වවුචර් පතක් ලෙස ලබාදීමට නියමිතයි

ඒ අනුව, දිවයින පුරා පිහිටි සමස්ත පාසල් 10,096ක් අතුරින් ළමුන් සංඛ්‍යාව 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000/- ක් බැගින් වූ ලිපිද්‍රව්‍ය දීමනාව හිමිවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here