තමා ගැන කළ ද්වේශසහගත ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා සමගි ජනබලවේගයේ වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මහතා වෙත එන්තර වාසියක් යොමුකර තිබෙනවා.
ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා ලබාගත් වැටුප මෙන් දෙගුණයක වැටුපක් ලබාගන්නා බව සහ එම සංස්ථාව යටතේම අධ්‍යක්ෂ මණ්ඩල දීමනා දෙකක් වත්මන් සභාපති ඩී ජේ රාජකරුණා මහතා ලබා ගන්නා බවට ආනන්ද පාලිත මහතා පසුගියදා ප්‍රකාශයක් සිදුකර තිබුණා.
එම ප්‍රකාශය ද්වේශසහගත සහ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවයි රාජකාරුණා මහතා අවධාරණය කරන්නේ.
මෙම ප්‍රකාශය මාධ්‍යයෙන් පළකිරීම හේතුවෙන් තමාගේ කීර්තිනාමයට සිදුවූ බරපතල හානිය වෙනුවෙන් රුපියල් මිලියන 15ක වන්දියක් ගෙවන ලෙස දන්වා ඛණ්ජ තෙල් සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා ආනන්ද පාලිත මහතා වෙත එන්තර වාසියක් යොමුකර තිබෙනවා.
එය දෙසැම්බර් 24 වනදා සිට දින 14ක් ඇතුළත ගෙවීම අපොහොසත් වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.