උඩරට ඇතැම් එලවළු මිල ඉහල ගොස් ඇති අතර, එයට සාපේක්ෂව පහත රට එලවළු මිල තරමක් පහත බැස ඇත.

බෝංචි කිලෝවක් රු 500-600, මාලු මිරිස් රු 600-700, තක්කාලි රු 600-700, කැරට් රු 400-500 අතර සිල්ලර මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

බණ්ඩක්කා, වැටකොළු, කොහිල, තලන බටු ඇතුළු පහත රට එලවළු මිල රු 300-400 අතර සිල්ලර මිලකට අලෙවි කරන අතර, වෙලදපොලේ දෙල් ගෙඩියක් රු 300 ක මිලකට අලෙවි කරනු ලබයි.

(හැටන් රංජිත් රාජපක්ෂ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here