උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණී වාර විභාග ප්‍රශ්න පත්‍ර තුනක් විභාගයට පෙර පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත්කර තිබේ.

ඒ, පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග මතයි.

අදාළ කමිටුව සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් ද ආරම්භ කිරීමට උපදෙස් දී ඇත්තේ, පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා විසින්.

මේ අතර, දැනට තාවකාලිකව අත්හිටුවා ඇති උතුරු මැද පළාත් 11 වන ශ්‍රේණි වාර පරීක්ෂණය ලබන 27 වැනිදා සිට යළි ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, මේවන විට උපදෙස් දී තිබෙනවා.

මේ වන විට ලැබී අති තොරතුරු අනුව, වාර විභාගයේ සිංහල සාහිත්‍ය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාස අපරාධ පරීක්ෂණ ඒකකය මගින් ද විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here