නව වසරට නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත්විමෙන් එහි ගමන් ගත් එකම පවුලේ තිදෙනා සහ ත්‍රිරෝද රථ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ (31) දින පස්වරු 2.30 ට පමණ හැටන් දික්ඔය දරවල ප්‍රදේශයේදිය.
දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ සිට අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය හරහා පෙරලි මෙම අනතුර සිදු වි ඇත.
අනතුර සිදුවන ආකාරය ඒ මාර්ගය අසල පිහිටි ආගමික ස්ථානයක ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.
(හැටන් රංජිත් රාජපක්ෂ)