ප්‍රදේශයේ මහා සංඝරත්නය ජනතාව සහ ගම්වාසීන්ගෙ ඉල්ලීම පරිදි ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලය යළි විවෘත කිරීමට රාජකාරී මණ්ඩලය අද කටයුතු කරා.

විශේෂයෙන් බැතිමතුන්ට මෙන්ම සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවල යෙදෙන පවුල් සිය ගණනක් මේ නිසා දැඩි අපහසුතාවට ලක්ව තිබෙනවා.

පූජා වට්ටි සැකසීම සඳහා රැස්කර තිබෙන පලතුරු තොග නරක් වීම, ඈත ප්‍රදේශවලින් රැගෙන එන ඕලු මානෙල් නෙළුම් මල් පොහොට්ටු විනාශ වීමත් බැතිමතුන්ගේ නොපැමිණීමත් නිසා දෛනිකව ජීවිකාව ගත කරන විශාල පවුල් සංඛ්‍යාවක් අපහසුතාවයට පත්වීම පිළිබඳ සලකා බලා අද දින දේවාලය විවෘත කිරීමට කටයුතු කළා.

සුපුරුදු පරිදි බුදුන්ගේ දෙවියන්ගේ පුද පූජා යාතිකා කිරීම් පූජා වට්ටි භාරගැනීම් තේවාවන්ඇතුළු සියලුම රාජකාරි අද දින සිට යළි ක්‍රියාත්මක වුණා.

(ගයාන් කුඩාගම රත්නපුර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here