සංචාරක ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ සහ එක්දින ක්‍රිකට් තරගයේ තරග කාලසටහන එළි දක්වා තිබෙනවා.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 29 වැනි දින සිට ආරම්භ වන අතර එය පෙබරවාරි මස 02 වැනි දින තෙක් පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදියි.
එහි දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 සිට 10 දක්වා පැවැත්වේ.
මීට අමතර ව දෙරට අතර එක් එක්දින තරගයක් ද හම්බන්තොට දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.
එය පැවැත්වෙන්නේ පෙබරවාරි මස 13 වැනි දින පැවැත්වීමට නියමිතයි.