මරණීය දණ්ඩනයට නියමව සිටින දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් ලැබෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන අතරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ වාට්ටුවේ අංක 3 හි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, තවත් රැඳවියන් 50කට වැඩි පිරිසක් එහි ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

දුමින්ද සිල්වා මුලින් බන්ධනාගාරයට මාරුකර යවන විට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

දුමින්ද සිල්වා මේ වන විට බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියි.

එසේම දුමින්ද සිල්වා තවදුරටත් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුද යන්න පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විධිමත් විමසීමක් කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here