හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස 3ක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේය.

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව එම කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් ඇතුළු ඥාතීන්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගය අද අවසන් වීමට නියමිතව තිබුණි.

ඒ අනුව අල්ලස් කොමිසම විසින් එය තවදුරටත් දීර්ඝ කරන ලෙස සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය අදාළ නියෝගය අප්‍රේල් මස 02වනදා දක්වා දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here