2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබෙනවා.
එය 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ අතර, වසර අවසානය වන විට ඒකක 15,944.61ක් දක්වා ඉහළ යෑම සිදු වුණා.
එමෙන්ම, S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 58.46%ක් ලෙස දැක්වෙනවා.
සියලු කොටස් මිල දර්ශකයේ සහ S&P SL20 දර්ශකයේ මෙම අගයයන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගයන් වීමද විශේෂත්වයක් වෙනවා.
එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 5.69ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වරටයි.