නුවරඑලිය නගරයේ ගබ්සා පෙති අලෙවි කල ඔසුසැලේ හිමිකරු නුවරඑලිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එක්ව (06) දින අත්අඩංගුවට ගෙන ඇත.

එම ඔසුසැල් හිමියා නිති විරෝධි ගබ්සා පෙත්තක් රු පහලොස් දහසක මිලකට අලෙවි කරන බවට කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සමග එක්ව උපාය දුතයෙකු යොදාගනිමින් සැකකරු අත්අඩංගුවට් ගත් බවයි දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මේනන් මහතා කියා සිටියේ.

සැකකරුගේ ඔසුසැලේ අලෙවි කිරිමට තිබු ගබ්සා පෙති රැසක් පොලිස් භාරයට ගත් බවත්, නිති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ගබ්සා පෙති මෙරට තුල අලෙවි කිරිම සපුරා තහනම් කර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍යවරයා කියා සිටියේ.

( හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here