ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ වටරප්පල පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 20ක් වයසැති අයෙකු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here