පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.
අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව දැනට පෞද්ගලික පරිහරණය සදහා පොලීසිය සහ යුධ හමුදාව මගින් බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනි අවි ජනවාරි මස 20 වැනිදා වන විට ආරක්ෂක අමාත්‍යංශයට භාර දිය යුතු බවය.
එලෙස ලබා නොදෙන ගිනිඅවි ලග තබා ගන්නා පුද්ගයන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී තිබූ කාලය දෙසැම්බර් මස 31වැනි දිනෙන් අවසන් විය.
එහෙත් යුද්ධය පැවති කාලසීමාවේ දී පොලිසිය සහ යුධ හමුදාව මගින් ලබා දී තිබූ ගිනිඅවි යලි භාර දීමට තිබූ කාලය ජනවාරි 20 වැනිදා දක්වා දීර්ඝ කෙරුණි.