චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරී ව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (09) පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
එම වෛරසය වැළඳුනු රෝගියෙක් වාර්තා වුවහොත් නිසැකවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
මාධ්‍ය හමුවේ වෛරසය පිළිබඳ මේ විට වාර්තා කරන අසත්‍ය පුවත් පිළිබඳව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේ දී පැවැසීය.