ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය දෙරටටම ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාවක් එරට පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ, චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා දීනයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවය.

මෙම සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව චීනයේ සිදුකරන පළමු සංචාරය වන අතර චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට එය ඉතා වැදගත් වනු ඇති බව ඇය සඳහන් කළාය.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන මහත්වරුන් ද හමුවීමට නියමිතව ඇත.

මිත්‍රත්වය ඉදිරියට ගෙනයෑමට මෙන්ම දේශපාලනික අවබෝධය ඉදිරියට පත්වාගෙන යෑමට සහ චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වැදගත්වනු ඇති බවද එම ප්‍රකාශිකාව පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here