ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් අතුරුදන් වූ  භාණ්ඩ  ගැන විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ප්‍රසම්පාදන නිලධාරියාගෙන් මීට අදාළව ප්‍රකාශ ලබාගෙන ඇති අතර, භාණ්ඩ භාරගත් අයගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි ඔවුන් පවසන්නේ.

අස්ථානගත වූ භාණ්ඩ මොනවාදැයි සොයා බලා ඒ පිළිබඳව ලැයිස්තුවක් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට දැනුම් දී තිබුණා.

විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here