ජාතික ජනබලවේගයේ ලේකම් හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පුද්ගලයෙකූ පසුගිය 02 දින සවසත්, 03 වන දින උදෑසනත් නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවක දී නිවසෙහි පිටුපස ජනේලයකින් ඇතුළු වී නිදන කාමරයේ අල්මාරියේ තිබු මුදල් රුපියල් 25000කට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇති බවට හොරණ මූලස්ථාන පොලිසි වෙත පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පානදුර අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ නිවස පරීක්ෂා කර ඇත.

ඇගිලි සලකුණු නිලධාරීන් ද ස්ථාන කීපයක ඇඟිල සලකුණුද බලාගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හොරණ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබයි.

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here