හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, දේශපාලන විචාරයෙකු මෙන්ම විද්වතෙකු වන ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අද (02) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
1928 ජූනි 08 වැනිදා උපත ලැබූ ඒ මහතා මිය යනවිට 96 වියේ පසුවිය.
කාලයක පටන් අසනීප තත්වයෙන් පසුවූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවය වාර්තා වේ.
සූරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම සංවිධායක ලෙසද කලක් කටයුතු කළ අතර 2010-15 කාලයේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්ද දැරීය.