රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයින් තිදෙනෙකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සංස්ථාවට අයත් භූම් ට්‍රක් රථයක රියදුරෙකු සහ සේවකයින් තිදෙනෙකු බව පොලිසිය කීය.
පසුගිය කාලසීමාවේ වැලිපැන්න ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීමට ගොස් එය අසාර්ථක ව්‍යාපෘතියක්ව එහි රැගෙන ආ ටොන් ගණනාවක යකඩ නැවත කොළඹ මුලස්ථානයට රැගෙන යමින් සිටියදී වැටලීම කර තිබේ.
වැඩ බලන පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි මේ දිනවල ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ යටතේ පානදුර උතුර ගොරකපල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව තිබූ විශේෂ ජංගම පොලිස් මුර සංචාරයේදී රජයට අයත් භූම් ට්‍රක් රථයකින් ගොරකපොල ප්‍රදේශයේ පරන යකඩ මිළදී ගන්නා මධ්‍යස්ථානයකට යකඩ තොගයක් බාමින් සිටින බවට එම පොලිස් නිලධාරීන්ට දැක ගන්නට හැකි වීමත්සමගම ඔවුන් විසින්පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ද දැනුවත් කිරීමෙන්නතුරුව එම ස්ථානය වටලා රියදුරු, සේවකයින් දෙදෙනෙකු සහ යකඩ මිළදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන භූම් ට්‍රක් රථය සහ යකඩ කිලෝ 1083 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
(සම්පත් කුලරත්න – කළුතර)